Tuesday, September 4, 2012

ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙල ආණ්ඩුවේ මන්ත්‍රීන්ම හෙළි කරයි.



      ආණ්ඩුව තම දේශපාලන වුවමනාවන් සදහා උපාධිධාරීන් යොදවා ගැනීමට උත්සාහ දැරීම නිසා, මේ රටේ පුරවැසියන් වූ තවත් උපාධිධාරී තරුණ තරුණියන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවිය. රජය, ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ අත්සන ලබාගැනීම උපාධිධාරියාගේ උපරිම සුදුසුකම සේ සලකා  පත්වීම් ලබාදීම නිසා එම තත්වය උද්ගත විය. ආණ්ඩුවේ  දේශපාලඥයන්ගේ අත්සන නොමැති වීම නිසා 2010-2011 උපාධිධාරීන් පිරිසකට ලැබිය යුතු පත්වීම් ලැබීම අත්හිටුවා ඇත. එය තවකාලිකව නවතා ඇති බව මුලදී පැවසුවද  එම පත්වීම් ලබා නොදීම රජයේ අරමුණ වේ.

ආණ්ඩුව රටේ අනිකුත් සිදුවීම් සදහා යොදන පිළියම මෙම ගැටළුවටද යොදාගෙන ඇත.එනම් අසාධාරණයට ගොදුරු වූ පිරිස විවිධ හේතු දක්වමින් රැවටීම සහ රාජ්‍ය මාධ්‍ය හරහා එවැනි අසාධාරණයක් නොවූ බව රටට පෙන්වීමයි. 

නමුත් බොරුව හැමදාම යටපත් කරගෙන සිටිය නොහැකිය. ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් 2010-2011 උපාධිධාරීන්ට දේශපාලඥයන් අතින්  අසාධාරණය සිදුවූ ආකාරය හෙළි කර ඇත. මෙහි පවසා ඇති දෙය පිළිබදව විචාර අවශ්‍ය නොවන්නේ , මෙය මධ්‍යස්ථව කියවීමෙන් සිදුවූ ක්‍රියාදාමය පිළිබදව ඔබට වටහාගැනීමට හැකි බැවිණි.


No comments:

Post a Comment