Monday, September 3, 2012

ආණ්ඩුවේ සූදානම තව දුරටත් උපාධිධාරීන් රවට්ටන්නද?

 
        ජූලි මස මුලදී පත්වීම් ලබාදීම අත්හිටවූ 2010-2011  උපාධිධාරීන්ට එම පත්වීම් ලබාදීම ආණ්ඩුව දිනෙන් දින ප්‍රමාද කරමින් පවතී. ඒ සදහා ඔව්න් විවිධ හේතු ඉදිරිපත් කරනුලබන අතර අවසන් වරට පැවසුවේ මැතිවරණ කොමසාරිස් වරයා පත්වීම් ලබාදීමට විරුද්ධ බැවින් එය ලබා දිය නොහැකි බවය. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේ සැප්තැම්බර් මස 1වෙනිදා සිට එම පත්වීම් ලබාදීම තමන්ට ගැටළුවක් නොවන බවයි.  ආණ්ඩුව සද්භාවයෙන්ම ‍රැකියා දීමට උත්සාහ ගත්තේනම් දැන් ඒ සදහා අවශ්‍ය ඉඩ කඩ ලැබී ඇත. මන්ද එම පත්වීම් ලබාදීම අත්හිටුවීම සාධාරණීකරණය කිරීම සදහා ආණ්ඩුව විසින්ම  පෙන්වූ  අසාධාරණ හේතූන්ද මේ වන විට විසදී ඇති බැවිණි.  මේ පිළිබද විමසමින්  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංග‍මයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ  ලේකම්ගෙන් උපාධිධාරීන්ව නැවත වතාවක් රැවටීමට උත්සාහ නොගන්නා ලෙස ඉල්ලීමක් කරනලදී.  
 
ලේකම්තුමා,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය,
කොළඹ.
2012/09/3
ලේකම්තුමනි,

මැතිවරණ කොමසාරිස් නියෝගය රැකියා දීමට බලපාන්නේ නැද්ද ?

2010 සහ 2011 වසරවල සුදුසුකම් ලද උපාධිධාරීන්ට රැකියා ලබාදීම පසුගිය ජුලි මස සිට නවතා දමන ලදී. නමුත් එකී වසරවල උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභී පුහුණුව ලබාදී ඇත. මෙම තීරණයට එරෙහි විරෝධතා පැවති අතර ජනාධිපතිවරයා අගෝස්තු 10 දින පැවසුවේ 2010 සහ 2011 වසරවල උපාධිධාරීන්ටද රැකියා දෙන බවයි. නමුත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය මස 20 වන දින ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් මත රැකියා ලබාදීම අත්හිටවූ බවයි.

මෙහිදී මැතිවරණ නොපැවැත්වෙන පළාත්වල උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අප විසින් මැතිවරණ කොමසාරීස්තුමා දැනුවත් කළ අතර එතුමා ප‍්‍රකාශ කළේ මැතිවරණ නොපැවැත්වෙන පළාත්වල උපාධිධාරීන්ට සැප්තැම්බර් මස 1 වෙනිදා සිට රැකියා ලබාදෙන ලෙස අමාතයංශයට දැනුම්දෙන බවයි.

නමුත් මේ වනතෙක් ඒ සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත. පත්වීම් ලිපි සකස්කොට තැපෑලට දමා පුහුණුවට බඳවා ගැනීම පමණි ඉතිරිව ඇත්තේ. මේ අනුව පැහැදිලි වන්නේ නැවත වටයකින් උපාධිධාරීන් රවටමින් සිටින බවයි. ආණ්ඩුව ලක්ෂ ගණනයට රැකියා දුන් බවට පුරාජේරු කීවද මෙතෙක් බදවාගත් එක් උපාධිධාරීයෙක් හෝ ස්ථිර කොට නොමැත. තවමත් ඔවුන් පසුවන්නේ රැකියා විරහිතභාවයෙමය. සමහර තැන්වල උපාධිධාරීන් පෙරටත් වඩා අපහසුතාවයට පත්ව ඇත.

මේ පිළිබඳව අවධානය යොමුකොට සියලූ උපාධිධාරීන්ට විධිමත්ව රැකියා ලබාදෙන මෙන් අවධාරණය කරමු.

මෙයට,
කැඳවුම්කරු,
ධම්මික මුණසිංහ

පිටපත් :- සියලූම මාධ්‍ය ආයතන

1 comment:

  1. Casino Site - Lucky Club
    Lucky Club offers the best in live entertainment. The luckyclub Casino is also home to some of the best games in the industry, including slots, video poker,  Rating: 4 · ‎4 votes

    ReplyDelete