Sunday, September 16, 2012

උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමේදීත් ඉහලම සුදුසුකම ආණ්ඩුවේ ‍දේශපාලඥයන්ගේ නිර්දේශය බවට පත්වෙයි.



      ආණ්ඩුව තම දේශපාලනබලය යොදාගනිමින් උපාධිධාරීන් රාජ්‍යසේවයට බදවාගැනීම පසුගිය කාලයේ සිදුවිය. දේශපාලන වශයෙන්  බලපෑම්  නොකර  විධිමත් ක්‍රමවේදයක් අනුව හා විනිවිධ භාවයකින් යුක්තව සියළුම උපාධිධාරීන් බ‍‍දවාගන්නා ලෙස අප දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. මේ වන විට බදවාගත් උපාධිධාරීන්  ස්ථීරකිරීමට අවශ්‍ය පුහුණු කාළ සීමාවද ඉක්මවා ඇති අතර ස්ථීර කිරීම සදහා තෝරාගැනීමද දේශපාලන බලපෑම් මත සිදුවීම කණගාටුදායකය.  මේ මගින් නැවතත් උපාධිධාරීන් විශාල පිරිසකට දරාගත නොහැකි අසාධාරණයක් සිදුවීම නොවැලැක්විය හැකිය. අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියළු උපාධිධාරීන්ට සාධාරණයක් වන පරිදි පත්වීම් ස්ථිරකරන ලෙසය.

     අප මෙසේ සියළු උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරන්නැයි කියන විට රාජ්‍යමාධ්‍ය විසින්  රටට කියන්නේ රජය අපහසුතාවට පත්කිරීම සදහා කරනුලබන බොරු ප්‍රචාර බවත් රජය සියළු උපාධිධාරීන්ට සමානව සලකන බවත්ය. මෙ නිසා සියළුදෙනාගේ දැනගැනීම පිණිස ආණ්ඩුවේ අමාත්‍යවරයකු, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත තමන් නිර්දේශ කරනු ලබන උපාධිධාරීන් පමණක් බදවාගන්නා ලෙස දන්වා යැවූ ලිපියක් මේ සමග රටට හෙළිදරව් කරසිටිමු.



දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයකම පාහේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමේදී මෙආකාරයෙන් දේශපාලනඥයන් බලපෑම් සිදුකරමින් ඇත. නමුත් එසේ බලපෑම් කිරීමේ අයිතියක් හෝ සුදුසුකමක් ඔව්නට නැත. අප නැවතත් ඉල්ලා සිටින්නේ මෙම පත්වීම් ස්ථීර කිරීමේදී රජයේ සම්මත ක්‍රමවේදයන්ට අනුව විධිමත්ව හා විනිවිදභාවයකින් යුක්තව මෙම කටයුතු සිදුකරනලෙසයි. 

No comments:

Post a Comment