Tuesday, September 18, 2012

බොරු බේගල් ඇදබාමින් උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු


ප‍්‍රවෘත්ති කර්තෘ/අධ්‍යක්ෂක
2012/09/18


     රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අලූත්ම සොයාගැනීමකට අනුව, හදිසියේ පසුගියදා බදවාගත් උපාධිධාරීන් 42000ක ස්ථිර කිරීම තවකාලිකව නවතා ඇති බවට වාර්තා වේ. ඊට හේතු ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දක්වා ඇත්තේ අධිකරණයේ නඩු 6ක් ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. පුදුමයට කරුණ වන්නේ එකී උපාධිධාරීන් බඳවාගෙන මාස 6 ඉක්මවා තිබියදී, ස්ථිර කිරීමේ කිසිදු සැලසුමක් නොමැතිව සිටි ආණ්ඩුව මෙසේ එක්වරම ස්ථිර කිරීම් නැවැත්වීමයි. මේ රටේ බඳවාගෙන ඇති සියලූ උපාධිධාරීන් මේ පිළිබඳ දන්නා අතර මේ සිදුකරන්නේ ආණ්ඩුව තම නොහැකියාව වසා ගැනීම මිස අන් කිසිවක් නොවේ.


   මෙපරිද්දෙන්ම පසුගිය මැතිවරණ කාලය තුළ ඡන්දයට මුවාවී 2010 සහ 2011 සුදුසුකම් ලද උපාධිධාරීන් පිරිසක් බඳවා නොගත් අතර, මෙයද එම නාටකයේම දිගුවක් වේ. අමාත්‍යංශ ලේකම්වරයා මේ සැරසෙන්නේ මාස 6ක් ඉක්මවා තිබියදීත් ස්ථිර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව, ඒ පිළිබඳව විරෝධය පෑමට සිටි අභ්‍යාසලාභීන් රැවටීමට වුවද, අප එසේ නොරැවටෙන බව අවධාරණය කරමු. 



   මෙම ප‍්‍රකාශය බරපතල වන අතර මේ හරහා උපාධිධාරීන්ගේ ජීවිත අර්බුද රැසකට පත්කොට ඇත. මේ වනවිටත් පෙබරවාරි මස බඳවාගත් උපාධිධාරීන් තවත් මාස 6ක කාලයකට පුහුණුව දීර්ඝ කර ඇත. එසේ තිබියදීත් අමාත්‍යංශයම මෙසේ පැවසීම ජුගුප්සාජනකය. ලැජ්ජා විය යුතුය.



මේ පිළිබඳව අවධානය යොමුකොට, වහාම අධිකරණයේ පවතින නඩු මොනවාදැයි රටට හෙළිදරව් කරන ලෙසත්, බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කරන වැඩපිළිවෙළ කුමක්ද යන්නත් හෙළිදරව් කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. එසේම ආණ්ඩුවේ මෙම කි‍්‍රයාපිළිවෙතට එරෙහිව අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.


මෙයට,
සම සංවිධායක,

ධම්මික මුණසිංහ


පිටපත් - ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය

No comments:

Post a Comment