Friday, September 7, 2012

උපාධිධාරීන් රැවටීමේ සීමාව කොතැනද?





ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් දිගින් දිගටම මුලාවට පත්කරමින් සිටින බවත්, නිවැරදිව ගණන් හිලව් නොදැන ලක්ෂයකට පත්වීම් දුන්නායැයි නන්දොඩවන ජනාධිපතිට සම්මුඛපරීක්ෂණවලට සහභාගීවී සියළු සුදුසුකම් සපුරාඇති 2010-2011 උපාධිධාරීන් පිරිසටවත් රැකියා ලබාදීමට නොහැකිවීම හාස්‍යයට කරුණක් බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ උපාධිධාරීන්ගේ ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද(07) පැවති ප්‍රවෘති සාකච්ඡාවේදීය. ඔහු තවදුරටත් පවසා සිටියේ බදවාගත් උපාධිධාරීන්, පැවසූ පරිදි නියමිත දිනට ස්ථීර කිරීම සදහා කටයුතු කරන ලෙසය. ස්ථීර කිරීමේදී විධිමත්ව සහ විනිවිධභාවයකින් යුක්තව අදාල කටයුතු සිදු කරන මෙන් ඉල්ලා සිටි අතර එසේ නොවී බදවාගැනීමේදී සිදුවූවා මෙන් දේශපාලනඥයන්ගේ නිර්දේශයන් සුදුසුකම සේ සලකා කටයුතු නොකරන ලෙසත් ආණ්ඩුවට කල් ඇතුව දැනුම් දෙන බවද ඒ මහතා පවසා සිටියේය.


No comments:

Post a Comment