Tuesday, September 18, 2012

බොරු බේගල් ඇදබාමින් උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු


ප‍්‍රවෘත්ති කර්තෘ/අධ්‍යක්ෂක
2012/09/18


     රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අලූත්ම සොයාගැනීමකට අනුව, හදිසියේ පසුගියදා බදවාගත් උපාධිධාරීන් 42000ක ස්ථිර කිරීම තවකාලිකව නවතා ඇති බවට වාර්තා වේ. ඊට හේතු ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දක්වා ඇත්තේ අධිකරණයේ නඩු 6ක් ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. පුදුමයට කරුණ වන්නේ එකී උපාධිධාරීන් බඳවාගෙන මාස 6 ඉක්මවා තිබියදී, ස්ථිර කිරීමේ කිසිදු සැලසුමක් නොමැතිව සිටි ආණ්ඩුව මෙසේ එක්වරම ස්ථිර කිරීම් නැවැත්වීමයි. මේ රටේ බඳවාගෙන ඇති සියලූ උපාධිධාරීන් මේ පිළිබඳ දන්නා අතර මේ සිදුකරන්නේ ආණ්ඩුව තම නොහැකියාව වසා ගැනීම මිස අන් කිසිවක් නොවේ.


   මෙපරිද්දෙන්ම පසුගිය මැතිවරණ කාලය තුළ ඡන්දයට මුවාවී 2010 සහ 2011 සුදුසුකම් ලද උපාධිධාරීන් පිරිසක් බඳවා නොගත් අතර, මෙයද එම නාටකයේම දිගුවක් වේ. අමාත්‍යංශ ලේකම්වරයා මේ සැරසෙන්නේ මාස 6ක් ඉක්මවා තිබියදීත් ස්ථිර කිරීමට කිසිදු වැඩපිළිවෙළක් නොමැතිව, ඒ පිළිබඳව විරෝධය පෑමට සිටි අභ්‍යාසලාභීන් රැවටීමට වුවද, අප එසේ නොරැවටෙන බව අවධාරණය කරමු. 



   මෙම ප‍්‍රකාශය බරපතල වන අතර මේ හරහා උපාධිධාරීන්ගේ ජීවිත අර්බුද රැසකට පත්කොට ඇත. මේ වනවිටත් පෙබරවාරි මස බඳවාගත් උපාධිධාරීන් තවත් මාස 6ක කාලයකට පුහුණුව දීර්ඝ කර ඇත. එසේ තිබියදීත් අමාත්‍යංශයම මෙසේ පැවසීම ජුගුප්සාජනකය. ලැජ්ජා විය යුතුය.



මේ පිළිබඳව අවධානය යොමුකොට, වහාම අධිකරණයේ පවතින නඩු මොනවාදැයි රටට හෙළිදරව් කරන ලෙසත්, බඳවාගත් උපාධිධාරීන් ස්ථිර කරන වැඩපිළිවෙළ කුමක්ද යන්නත් හෙළිදරව් කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු. එසේම ආණ්ඩුවේ මෙම කි‍්‍රයාපිළිවෙතට එරෙහිව අඛණ්ඩ විරෝධතා කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.


මෙයට,
සම සංවිධායක,

ධම්මික මුණසිංහ


පිටපත් - ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය

Sunday, September 16, 2012

උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමේදීත් ඉහලම සුදුසුකම ආණ්ඩුවේ ‍දේශපාලඥයන්ගේ නිර්දේශය බවට පත්වෙයි.



      ආණ්ඩුව තම දේශපාලනබලය යොදාගනිමින් උපාධිධාරීන් රාජ්‍යසේවයට බදවාගැනීම පසුගිය කාලයේ සිදුවිය. දේශපාලන වශයෙන්  බලපෑම්  නොකර  විධිමත් ක්‍රමවේදයක් අනුව හා විනිවිධ භාවයකින් යුක්තව සියළුම උපාධිධාරීන් බ‍‍දවාගන්නා ලෙස අප දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. මේ වන විට බදවාගත් උපාධිධාරීන්  ස්ථීරකිරීමට අවශ්‍ය පුහුණු කාළ සීමාවද ඉක්මවා ඇති අතර ස්ථීර කිරීම සදහා තෝරාගැනීමද දේශපාලන බලපෑම් මත සිදුවීම කණගාටුදායකය.  මේ මගින් නැවතත් උපාධිධාරීන් විශාල පිරිසකට දරාගත නොහැකි අසාධාරණයක් සිදුවීම නොවැලැක්විය හැකිය. අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සියළු උපාධිධාරීන්ට සාධාරණයක් වන පරිදි පත්වීම් ස්ථිරකරන ලෙසය.

     අප මෙසේ සියළු උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරන්නැයි කියන විට රාජ්‍යමාධ්‍ය විසින්  රටට කියන්නේ රජය අපහසුතාවට පත්කිරීම සදහා කරනුලබන බොරු ප්‍රචාර බවත් රජය සියළු උපාධිධාරීන්ට සමානව සලකන බවත්ය. මෙ නිසා සියළුදෙනාගේ දැනගැනීම පිණිස ආණ්ඩුවේ අමාත්‍යවරයකු, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත තමන් නිර්දේශ කරනු ලබන උපාධිධාරීන් පමණක් බදවාගන්නා ලෙස දන්වා යැවූ ලිපියක් මේ සමග රටට හෙළිදරව් කරසිටිමු.



දිවයිනේ සෑම දිස්ත්‍රීක්කයකම පාහේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර කිරීමේදී මෙආකාරයෙන් දේශපාලනඥයන් බලපෑම් සිදුකරමින් ඇත. නමුත් එසේ බලපෑම් කිරීමේ අයිතියක් හෝ සුදුසුකමක් ඔව්නට නැත. අප නැවතත් ඉල්ලා සිටින්නේ මෙම පත්වීම් ස්ථීර කිරීමේදී රජයේ සම්මත ක්‍රමවේදයන්ට අනුව විධිමත්ව හා විනිවිදභාවයකින් යුක්තව මෙම කටයුතු සිදුකරනලෙසයි. 

Wednesday, September 12, 2012

බදවාගත් සියළු උපාධිධාරීන් වහා ස්ථීර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය



බඳවාගත් සියලූ අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා ස්ථිර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය

E-mailPrintPDF

මීට මාස හයකට පමණ පෙර අභ්‍යාසලාභී පදනමින් රාජ්‍ය සේවයට බඳවාගත් සියලු උපාධිධාරීන් වහා ස්ථීර කරන ලෙස උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය ආණ්ඩුවට අවධාරණය කරයි. 
ඒ සම්බන්ධයෙන් ‘ලංකාවිව්ස්‘ වෙත අදහස පළකළ එම මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්මික මුණසිංහ මහතා,
වසර ගණනාවක සිට මේ රටේ උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අඛන්ඩ අරගලයක් කළා. පසුව මේ බලකිරීම නිසා ආණ්ඩුවට සිද්ධවුණා උපාධිධාරීන්ට රැකියා දෙන්න. නමුත් අපි ඉල්ලා සිටියෙ විධිමත් ක‍්‍රමවේදයක් හරහා මේ රැකියා සඳහා බඳවා ගන්න කියලා. ඒත් ආණ්ඩුව තම දේශපාලන හිතවත්කම මත තමන්ට පෝස්ටර් ගහපු, කැන්වසින් යනඅයට රැකියා දෙනවා කියලා ප‍්‍රසිද්ධියේ කිවා. මේ නිසා අකමැත්තෙන් වුවත් සමහර උපාධිධාරීන් පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව වෙනුවෙන් ඒ කටයුතු කළා. තමන්ට රැකියාවක් නැති නිසා රැකියාවක් ලබාගන්න. අපි මෙම ක‍්‍රමයට ඒ මොහොතේ විරුද්ධව සටන් කළා. මේ නිසා පුවත්පත් නිවේදනයක් මඟින් බඳවා ගන්න කටයුතු කළා. මේ සියල්ල බඳවා ගත්තෙ අභ්‍යාසලාභී උපාධිධාරීන් විදියට මාස 06ක කාලයක් සඳහා පුහුණුවකට. ඊට පස්සෙ ස්ථිර කරනවා කියන පොරොන්දුව මත. දැන් මාස 06 අවසන් කිසිවකු ස්ථිර කරල නැහැ. මේ අයට නිසි පුහුණුවකුත් නැහැ. සිද්ධවෙලා තියෙන්නෙ ගම පුරා ඇවිදල ගෙවල් වලට ගිහින් ඇටබෙදන්න, කුකුල් පැටව් බෙදන්න, ගෙවල්වල ගවදෙනුන්ගෙන් ගන්න කිරි ප‍්‍රමාණය බලන්න, පොල් පැල පටවන්න වගේ දේවල්. ඒ නිස අපි ආණ්ඩුවට කියනවා මෙලෙස මේ රටේ වසර ගණන් දුක්විදලා මහන්සිවෙලා උගන්වපු අහිංසක අම්මගෙ තාත්තට, ඔවුන්ගෙ දරුවගෙ ආත්ම ගරුත්වය විනාශ කරන්න එපා.
මෙතෙක් සෑම අයවැය යෝජනාවකින්ම ආණ්ඩුව පොරොන්දු වූණා උපාධිලාභීන්ට රැකියා දෙන්න. ජන සභා ලේකම් තනතුරු 14400ක් බඳවා ගන්නවා කියලා අයදුම්පත‍්‍ර කැඳෙව්වා. එකක්වත් දුන්නෙ නැහැ. ඊට පස්සෙ පසුගිය කාලයේ අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගත්තා. අයදුම්පත් කැඳවන්නෙ නැතිව, සම්මුඛ පරීක්ෂණ නැතිව ඉතිහාසයේ පළමු වතාවට බඳවා ගැනීම් සිදු කළා. අපි ඒ මොහොතේ මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිලි කළා. විරෝධතා පැවැත්වුවා. රාජ්‍ය සේවයකියන් නෙමේ රටේ ජනතාවගේ මුදලින් නඩත්තුවන ආයතයක්. අපගේ විරෝධතා වලින් පස්සෙ පුවත්පත් දැන්වීමක් මඟින් අයදුම්පත‍්‍ර කැදෙව්වා. ඒත් ඒ වන විට විශාල ප‍්‍රමාණයක් බඳවාගෙන. අයදුම්පත‍්‍ර කැඳවන්නෙ පෙබරවාරි 16 වෙනිදා. ඒත් පත්වීම් දෙන්න පටන් ගත්තේ පෙබරවාරි මාසෙ 04 වෙනිදා. මහනුවර පත්වීම් දෙන්නෙ පෙබරවාරි 17 වෙනිදා. කොහොමද අයදුම්පත‍්‍ර කැඳවලා දවසකින් බඳවා ගන්නෙ. සම්පූර්ණ දේශපාලන මැදිහත්වීම මත මේ සඳහා බඳවා ගත්තෙ. මේක සම්පුර්ණ වැරදි ක‍්‍රම වේදයක්.
බඳවා ගත්ත පිරිසට පුහුණුවක් කීවට පුහුණුවක් දුන්නෙ නැහැ. මේ අයට කරන්න වෙලා තියෙන්නෙ විහිළු සහගත වැඩ. කරන්න වෙලා තියෙන දේවල් අපි කියනම්. කලවානෙ කුකුල් පැටව් බෙදන්න, කුකුල් පැටව් ගණන් කරන්න වෙලා. දැන් අභ්‍යාසලාභී උපාධිධාරීන් දකින කොට පොඩි දරුවො කියන්න අරන් ‘අන්න කුකුල් මිස් එනවා’‘ කුකුල් සර්’ එනවා කියලා. රැකියා දුන්න එක හොඳයි. හැබැයි මේ තරම් බාල්දු කරල තමයි මේ රැකියාව දුන්නෙ. මේකද උපාධිලාභියාට දෙන ගරුත්වය. කැකිරාවේ අභ්‍යාසලාභින්ට බිත්තිවල තීන්ත ගාන්න සිද්ධවෙලා තියෙනවා. වත්තල පරණ ගොඩනැඟිල්ලක කුණු අස්කරන්න සිද්ධවෙලා. බුලත් කොහුපිටියෙ පොල් පැල පටවන්න අදින්න සිද්ධවෙලා. මඩකලපුවෙ කලවංචිකුඩිවල පාසල්වල දිවා ආහාරය පිළියෙල කරන්න සිද්ධවෙලා තියෙන්නෙ මේ අභ්‍යාසලාභී උපාධිධාරීන්. ඉතිං අපි අහන්නෙ මේ රටේ උපාධිධාරියාට දෙන අභ්‍යාසය මේකද ?
ජනාධිපතිවරයා කියනවා රැකියා විරහිත යුගය අවසන් කියලා. මම ලක්ෂයකට උපාධිලාභින්ට රැකියා දුන්න කියල පම්පෝරි ගහනවා. අපි කියනවා ජනාධිපතිවරයාට බොරු බේගල් කියන්න එපා. 2004 වර්ෂයේ 42000කට රැකියා දුන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති කාලයේදී. ආර්ථික සංවර්ධන ඇමතිවරයා කිව්වා සැප්තෑම්බර් 01 වෙනිදා 17000ක් ස්ථිර කරනවා කියලා. අද සැප්තැම්බර් 11 කොහේද ස්ථිර කරල තියෙන්නෙ. ඒ අයගේ නාම ලේඛනත් හදන්නේ මැතිඇමතිවරු. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වසම්හි නාම ලේඛනය ජ්‍යෙෂ්ට අමාත්‍ය තිස්ස විතාරණ තමයි හදල තියෙන්නෙ. රට පුරාම එහෙම තමා වෙන්නේ.
අපි අවධාරණය කරනවා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සුදුසු රැකියාවල අනුයුක්ත කර වහාම ඔවුන් ස්තිර කරන්න. ඒ වගේම මේ රටේ අධ්‍යාපනයත් වෙනස් විය යුුතුයි. නව තාක්ෂණය සමඟ එයට ගැලපෙන ලෙෂ අධ්‍යාපනය වෙනස්විය යුතුයි. ජනාධිපතිවරයාගේ පුතාට අභ්‍යාවකාශ තාක්ෂණය ඉගෙන ගන්නවා වගේම රටේ අනෙක් ජනතාවගේ දරුවන්ටත් ඒක ඉගෙගන්න පුළුවන් ක‍්‍රමයට අධ්‍යාපනය සැකසිය යුතුයි. ක්ෂතියට ඉහලින් ලොව දකින්න රාජපක්ෂ දරුවන්ට විතරක් නෙවෙයි සමස්ථ දරුවන්ට අවස්ථාව ලැබිය යුතුයි. ඒ සඳහා 6‍්‍ර ක් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කළ යුතුයි කියලත් අපි කියනවා.

උපුටාගැනීම - ලංකා වීව්ස් වෙබ් අඩවිය.


බදවාගත් සියළු අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා සිථීර කරනු.


බඳවාගත් සියලූ අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා ස්ථිර කරනු

 

       මීට මාස හයකට පමණ පෙර අභ්‍යාසලාභී පදනමින් රාජ්‍ය සේවයට බඳවාගත් සියලු උපාධිධාරීන් වහා ස්ථීර කරන ලෙස උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය ආණ්ඩුවට අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස පළකළ එම මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්මික මුණසිංහ සහෝදරයා,

     වසර ගණනාවක සිට මේ රටේ උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අඛන්ඩ අරගලයක් කළා. පසුව මේ බලකිරීම නිසා ආණ්ඩුවට සිද්ධවුණා උපාධිධාරීන්ට රැකියා දෙන්න. නමුත් අපි ඉල්ලා සිටියෙ විධිමත් ක‍්‍රමවේදයක් හරහා මේ රැකියා සඳහා බඳවා ගන්න කියලා. ඒත් ආණ්ඩුව තම දේශපාලන හිතවත්කම මත තමන්ට පෝස්ටර් ගහපු, කැන්වසින් යනඅයට රැකියා දෙනවා කියලා ප‍්‍රසිද්ධියේ කිවා. මේ නිසා අකමැත්තෙන් වුවත් සමහර උපාධිධාරීන් පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව වෙනුවෙන් ඒ කටයුතු කළා. තමන්ට රැකියාවක් නැති නිසා රැකියාවක් ලබාගන්න. අපි මෙම ක‍්‍රමයට ඒ මොහොතේ විරුද්ධව සටන් කළා. මේ නිසා පුවත්පත් නිවේදනයක් මඟින් බඳවා ගන්න කටයුතු කළා. මේ සියල්ල බඳවා ගත්තෙ අභ්‍යාසලාභී උපාධිධාරීන් විදියට මාස 06ක කාලයක් සඳහා පුහුණුවකට. ඊට පස්සෙ ස්ථිර කරනවා කියන පොරොන්දුව මත. දැන් මාස 06 අවසන් කිසිවකු ස්ථිර කරල නැහැ. මේ අයට නිසි පුහුණුවකුත් නැහැ. සිද්ධවෙලා තියෙන්නෙ ගම පුරා ඇවිදල ගෙවල් වලට ගිහින් ඇටබෙදන්න, කුකුල් පැටව් බෙදන්න, ගෙවල්වල ගවදෙනුන්ගෙන් ගන්න කිරි ප‍්‍රමාණය බලන්න, පොල් පැල පටවන්න වගේ දේවල්. ඒ නිස අපි ආණ්ඩුවට කියනවා මෙලෙස මේ රටේ වසර ගණන් දුක්විදලා මහන්සිවෙලා උගන්වපු අහිංසක අම්මගෙ තාත්තට, ඔවුන්ගෙ දරුවගෙ ආත්ම ගරුත්වය විනාශ කරන්න එපා.

     මෙතෙක් සෑම අයවැය යෝජනාවකින්ම ආණ්ඩුව පොරොන්දු වූණා උපාධිලාභීන්ට රැකියා දෙන්න. ජන සභා ලේකම් තනතුරු 14400 ක් බඳවා ගන්නවා කියලා අයදුම්පත‍්‍ර කැඳෙව්වා. එකක්වත් දුන්නෙ නැහැ. ඊට පස්සෙ පසුගිය කාලයේ අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගත්තා. අයදුම්පත් කැඳවන්නෙ නැතිව, සම්මුඛ පරීක්ෂණ නැතිව ඉතිහාසයේ පළමු වතාවට බඳවා ගැනීම් සිදු කළා. අපි ඒ මොහොතේ මානව හිමිකම් කොමිසමට ගිහින් පැමිණිලි කළා. විරෝධතා පැවැත්වුවා. රාජ්‍ය සේවයකියන් නෙමේ රටේ ජනතාවගේ මුදලින් නඩත්තුවන ආයතයක්. අපගේ විරෝධතා වලින් පස්සෙ පුවත්පත් දැන්වීමක් මඟින් අයදුම්පත‍්‍ර කැදෙව්වා. ඒත් ඒ වන විට විශාල ප‍්‍රමාණයක් බඳවාගෙන. අයදුම්පත‍්‍ර කැඳවන්නෙ පෙබරවාරි 16 වෙනිදා. ඒත් පත්වීම් දෙන්න පටන් ගත්තේ පෙබරවාරි මාසෙ 04 වෙනිදා. මහනුවර පත්වීම් දෙන්නෙ පෙබරවාරි 17 වෙනිදා. කොහොමද අයදුම්පත‍්‍ර කැඳවලා දවසකින් බඳවා ගන්නෙ. සම්පූර්ණ දේශපාලන මැදිහත්වීම මත මේ සඳහා බඳවා ගත්තෙ. මේක සම්පුර්ණ වැරදි ක‍්‍රම වේදයක්.

    බඳවා ගත්ත පිරිසට පුහුණුවක් කීවට පුහුණුවක් දුන්නෙ නැහැ. මේ අයට කරන්න වෙලා තියෙන්නෙ විහිළු සහගත වැඩ. කරන්න වෙලා තියෙන දේවල් අපි කියනම්. කලවානෙ කුකුල් පැටව් බෙදන්න, කුකුල් පැටව් ගණන් කරන්න වෙලා. දැන් අභ්‍යාසලාභී උපාධිධාරීන් දකින කොට පොඩි දරුවො කියන්න අරන් ‘අන්න කුකුල් මිස් එනවා’‘ කුකුල් සර්’ එනවා කියලා. රැකියා දුන්න එක හොඳයි. හැබැයි මේ තරම් බාල්දු කරල තමයි මේ රැකියාව දුන්නෙ. මේකද උපාධිලාභියාට දෙන ගරුත්වය. කැකිරාවේ අභ්‍යාසලාභින්ට බිත්තිවල තීන්ත ගාන්න සිද්ධවෙලා තියෙනවා. වත්තල පරණ ගොඩනැඟිල්ලක කුණු අස්කරන්න සිද්ධවෙලා. බුලත් කොහුපිටියෙ පොල් පැල පටවන්න අදින්න සිද්ධවෙලා. මඩකලපුවෙ කලවංචිකුඩිවල පාසල්වල දිවා ආහාරය පිළියෙල කරන්න සිද්ධවෙලා තියෙන්නෙ මේ අභ්‍යාසලාභී උපාධිධාරීන්. ඉතිං අපි අහන්නෙ මේ රටේ උපාධිධාරියාට දෙන අභ්‍යාසය මේකද ?

    ජනාධිපතිවරයා කියනවා රැකියා විරහිත යුගය අවසන් කියලා. මම ලක්ෂයකට උපාධිලාභින්ට රැකියා දුන්න කියල පම්පෝරි ගහනවා. අපි කියනවා ජනාධිපතිවරයාට බොරු බේගල් කියන්න එපා. 2004 වර්ෂයේ 42000 කට රැකියා දුන්නෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති කාලයේදී. ආර්ථික සංවර්ධන ඇමතිවරයා කිව්වා සැප්තෑම්බර් 01 වෙනිදා 17000 ක් ස්ථිර කරනවා කියලා. අද සැප්තැම්බර් 11 කොහේද ස්ථිර කරල තියෙන්නෙ. ඒ අයගේ නාම ලේඛනත් හදන්නේ මැතිඇමතිවරු. කෑගල්ල දිස්ති‍්‍රක්කයේ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වසම්හි නාම ලේඛනය ජ්‍යෙෂ්ට අමාත්‍ය තිස්ස විතාරණ තමයි හදල තියෙන්නෙ. රට පුරාම එහෙම තමා වෙන්නේ.

    අපි අවධාරණය කරනවා බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සුදුසු රැකියාවල අනුයුක්ත කර වහාම ඔවුන් ස්තිර කරන්න. ඒ වගේම මේ රටේ අධ්‍යාපනයත් වෙනස් විය යුයතුයි. නව තාක්ෂණය සමඟ එයට ගැලපෙන ලෙස අධ්‍යාපනය වෙනස්විය යුතුයි. ජනාධිපතිවරයාගේ පුතාට අභ්‍යාවකාශ තාක්ෂණය ඉගෙන ගන්නවා වගේම රටේ අනෙක් ජනතාවගේ දරුවන්ටත් ඒක ඉගෙගන්න පුළුවන් ක‍්‍රමයට අධ්‍යාපනය සැකසිය යුතුයි. ක්ෂතියට ඉහලින් ලොව දකින්න රාජපක්ෂ දරුවන්ට විතරක් නෙවෙයි සමස්ථ දරුවන්ට අවස්ථාව ලැබිය යුතුයි. ඒ සඳහා 6‍% ක් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් වෙන් කළ යුතුයි කියලත් අපි කියනවා.

උපුටාගැනීම - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය- වෙබ් අඩවිය.

Friday, September 7, 2012

උපාධිධාරීන් රැවටීමේ සීමාව කොතැනද?





ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් දිගින් දිගටම මුලාවට පත්කරමින් සිටින බවත්, නිවැරදිව ගණන් හිලව් නොදැන ලක්ෂයකට පත්වීම් දුන්නායැයි නන්දොඩවන ජනාධිපතිට සම්මුඛපරීක්ෂණවලට සහභාගීවී සියළු සුදුසුකම් සපුරාඇති 2010-2011 උපාධිධාරීන් පිරිසටවත් රැකියා ලබාදීමට නොහැකිවීම හාස්‍යයට කරුණක් බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ උපාධිධාරීන්ගේ ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද(07) පැවති ප්‍රවෘති සාකච්ඡාවේදීය. ඔහු තවදුරටත් පවසා සිටියේ බදවාගත් උපාධිධාරීන්, පැවසූ පරිදි නියමිත දිනට ස්ථීර කිරීම සදහා කටයුතු කරන ලෙසය. ස්ථීර කිරීමේදී විධිමත්ව සහ විනිවිධභාවයකින් යුක්තව අදාල කටයුතු සිදු කරන මෙන් ඉල්ලා සිටි අතර එසේ නොවී බදවාගැනීමේදී සිදුවූවා මෙන් දේශපාලනඥයන්ගේ නිර්දේශයන් සුදුසුකම සේ සලකා කටයුතු නොකරන ලෙසත් ආණ්ඩුවට කල් ඇතුව දැනුම් දෙන බවද ඒ මහතා පවසා සිටියේය.


Tuesday, September 4, 2012

ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙල ආණ්ඩුවේ මන්ත්‍රීන්ම හෙළි කරයි.



      ආණ්ඩුව තම දේශපාලන වුවමනාවන් සදහා උපාධිධාරීන් යොදවා ගැනීමට උත්සාහ දැරීම නිසා, මේ රටේ පුරවැසියන් වූ තවත් උපාධිධාරී තරුණ තරුණියන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවිය. රජය, ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ අත්සන ලබාගැනීම උපාධිධාරියාගේ උපරිම සුදුසුකම සේ සලකා  පත්වීම් ලබාදීම නිසා එම තත්වය උද්ගත විය. ආණ්ඩුවේ  දේශපාලඥයන්ගේ අත්සන නොමැති වීම නිසා 2010-2011 උපාධිධාරීන් පිරිසකට ලැබිය යුතු පත්වීම් ලැබීම අත්හිටුවා ඇත. එය තවකාලිකව නවතා ඇති බව මුලදී පැවසුවද  එම පත්වීම් ලබා නොදීම රජයේ අරමුණ වේ.

ආණ්ඩුව රටේ අනිකුත් සිදුවීම් සදහා යොදන පිළියම මෙම ගැටළුවටද යොදාගෙන ඇත.එනම් අසාධාරණයට ගොදුරු වූ පිරිස විවිධ හේතු දක්වමින් රැවටීම සහ රාජ්‍ය මාධ්‍ය හරහා එවැනි අසාධාරණයක් නොවූ බව රටට පෙන්වීමයි. 

නමුත් බොරුව හැමදාම යටපත් කරගෙන සිටිය නොහැකිය. ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් 2010-2011 උපාධිධාරීන්ට දේශපාලඥයන් අතින්  අසාධාරණය සිදුවූ ආකාරය හෙළි කර ඇත. මෙහි පවසා ඇති දෙය පිළිබදව විචාර අවශ්‍ය නොවන්නේ , මෙය මධ්‍යස්ථව කියවීමෙන් සිදුවූ ක්‍රියාදාමය පිළිබදව ඔබට වටහාගැනීමට හැකි බැවිණි.


Monday, September 3, 2012

ආණ්ඩුවේ සූදානම තව දුරටත් උපාධිධාරීන් රවට්ටන්නද?

 
        ජූලි මස මුලදී පත්වීම් ලබාදීම අත්හිටවූ 2010-2011  උපාධිධාරීන්ට එම පත්වීම් ලබාදීම ආණ්ඩුව දිනෙන් දින ප්‍රමාද කරමින් පවතී. ඒ සදහා ඔව්න් විවිධ හේතු ඉදිරිපත් කරනුලබන අතර අවසන් වරට පැවසුවේ මැතිවරණ කොමසාරිස් වරයා පත්වීම් ලබාදීමට විරුද්ධ බැවින් එය ලබා දිය නොහැකි බවය. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේ සැප්තැම්බර් මස 1වෙනිදා සිට එම පත්වීම් ලබාදීම තමන්ට ගැටළුවක් නොවන බවයි.  ආණ්ඩුව සද්භාවයෙන්ම ‍රැකියා දීමට උත්සාහ ගත්තේනම් දැන් ඒ සදහා අවශ්‍ය ඉඩ කඩ ලැබී ඇත. මන්ද එම පත්වීම් ලබාදීම අත්හිටුවීම සාධාරණීකරණය කිරීම සදහා ආණ්ඩුව විසින්ම  පෙන්වූ  අසාධාරණ හේතූන්ද මේ වන විට විසදී ඇති බැවිණි.  මේ පිළිබද විමසමින්  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංග‍මයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ  ලේකම්ගෙන් උපාධිධාරීන්ව නැවත වතාවක් රැවටීමට උත්සාහ නොගන්නා ලෙස ඉල්ලීමක් කරනලදී.  
 
ලේකම්තුමා,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය,
කොළඹ.
2012/09/3
ලේකම්තුමනි,

මැතිවරණ කොමසාරිස් නියෝගය රැකියා දීමට බලපාන්නේ නැද්ද ?

2010 සහ 2011 වසරවල සුදුසුකම් ලද උපාධිධාරීන්ට රැකියා ලබාදීම පසුගිය ජුලි මස සිට නවතා දමන ලදී. නමුත් එකී වසරවල උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභී පුහුණුව ලබාදී ඇත. මෙම තීරණයට එරෙහි විරෝධතා පැවති අතර ජනාධිපතිවරයා අගෝස්තු 10 දින පැවසුවේ 2010 සහ 2011 වසරවල උපාධිධාරීන්ටද රැකියා දෙන බවයි. නමුත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය මස 20 වන දින ප‍්‍රකාශ කළේ මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් මත රැකියා ලබාදීම අත්හිටවූ බවයි.

මෙහිදී මැතිවරණ නොපැවැත්වෙන පළාත්වල උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව අප විසින් මැතිවරණ කොමසාරීස්තුමා දැනුවත් කළ අතර එතුමා ප‍්‍රකාශ කළේ මැතිවරණ නොපැවැත්වෙන පළාත්වල උපාධිධාරීන්ට සැප්තැම්බර් මස 1 වෙනිදා සිට රැකියා ලබාදෙන ලෙස අමාතයංශයට දැනුම්දෙන බවයි.

නමුත් මේ වනතෙක් ඒ සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැත. පත්වීම් ලිපි සකස්කොට තැපෑලට දමා පුහුණුවට බඳවා ගැනීම පමණි ඉතිරිව ඇත්තේ. මේ අනුව පැහැදිලි වන්නේ නැවත වටයකින් උපාධිධාරීන් රවටමින් සිටින බවයි. ආණ්ඩුව ලක්ෂ ගණනයට රැකියා දුන් බවට පුරාජේරු කීවද මෙතෙක් බදවාගත් එක් උපාධිධාරීයෙක් හෝ ස්ථිර කොට නොමැත. තවමත් ඔවුන් පසුවන්නේ රැකියා විරහිතභාවයෙමය. සමහර තැන්වල උපාධිධාරීන් පෙරටත් වඩා අපහසුතාවයට පත්ව ඇත.

මේ පිළිබඳව අවධානය යොමුකොට සියලූ උපාධිධාරීන්ට විධිමත්ව රැකියා ලබාදෙන මෙන් අවධාරණය කරමු.

මෙයට,
කැඳවුම්කරු,
ධම්මික මුණසිංහ

පිටපත් :- සියලූම මාධ්‍ය ආයතන